වන්දනාකරුවන් රැගත් බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් මුතූර් ප්‍රදේශයේදී රිය ආනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් 33දෙනෙකු තුවාල ලබා තිබේ.
ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර කාන්තාවන් 18දෙනෙකුද සිටින බව වාර්තා වෙයි.
බස් රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
