Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ඇරඹෙයි

2 years ago

ජනාධිපති කායථාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (28) සිදු කර තිබෙනවා.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවධර්නය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කායර්‍යාලය සතු වාහන විකිණීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොවෝ ජිප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් ඊයේ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කායර්‍යාලයේ නිත්‍ය කායර් මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කායර් මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වෙනවා.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර ලංසු භාර ගැනීම ඊයේ දහවල් 12.00 වන තෙක් පැවැත්වුණු අතර ලංසු විවෘත කිරීම රාත්‍රී 8.00 දක්වා සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව වූ බවයි වාතථා වන්නේ.