Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහත් ආන්දෝලනයක් ඇති කළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැකයක්! යළි පරීක්ෂණ අරඹයි!

2 years ago

සිරුරට ගිණි තබා ගෙන මියගිය බවට වාර්තා වූ යාපනය චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්වරියගේ මරණය සැක සහිත බව පැවසෙනවා.

එසේ ලද පැමිණිලි කිහිපයක් හේතුවෙන් චාවාකච්චේරි පොලීසිය එම මරණය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ඊයේ (01) ආරම්භ කොට තිබෙනවා.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ පියා වන පී. ෂන්මුගරාජා නැමැත්තා කෝපායී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය සිය දිවි හානි කර

ගත් බවට ඉදිරිපත්වන තොරතුරු සාවද්‍ය බවත් මේ මරණය මිනීමැරුමක් බවට තමන් විස්වාස කරන බවයි.

මේ සම්බන්ධයෙන් තවත් නිර්නාමික පැමිණිලි හා දුරකතන ඇමතුම් කිහිපයක්ද පොලීසිය වෙත ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුවයි මෙම මරණය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය විසින් යළි පරික්ෂණ ආරම්භ කොට ඇත්තේ.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ගැබිනියකව සිටියදී පසුගිය පෙබරවාරී මස (16) වැනිදා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගියේ පිලිස්සුම් තුවාල ලැබීම හේතුවෙන්.

ඇයව රෝහල්ගත කරන විට ස්වාමි පුරුෂයා ප්‍රකාශ කර ඇත්තේ, කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිණි ඇවිලුණු බවයි.

පවුලේ ආරවුලක් මත ඇය මෙසේ සියදිවි හානි කරගත් බවටයි එවකට තොරතුරු වාර්තා වුණේ.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු වන අතර, ඔවුන්ට වයස අවුරුදු 06 ක දියණියක් ද සිටිනවා.

(source – hiru news)