Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැඩ පහරකට හසු වූ ජිවිත 35ක් බේරාගත් යුද හමුදා මෙහෙයුම

2 years ago

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදාගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ මේ මුදාගැනීම සිදුකළ බවයි යුද හමුදාව පැවසුවේ.

ගැමුණු හේවා බළකායේ, නන්දේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුම සිදුකර තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්දේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ 75 දෙනෙකුගෙන් පමණ යුත් දේශීය සංචාරක කණ්ඩායමක පිරිසක් මෙයට මුහුණ දී තිබෙන බවයි පැවසෙන්නේ.

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මත හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.