Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

2 years ago

පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයක් පසුපස පොලිසිය හඹා ගොස් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී වෙඩි තබා තිබෙනවා.

අද (02) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වැලි ප්‍රවාහන කරන ටිපර් රථයකින් ගංජා ප්‍රවාහනය කරන බවට පේදුරුතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත අද (02) පෙරවරුවේ විශේෂ රථවාහන සෝදිසි කිරීමක් සිදු කර තිබෙනවා.

එහිදී ටිපර් රථයකට නතර කරන ලෙසට පොලිසිය සිදුකළ අණ නොතකා රථය ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ ටිපර් රථය පසුපස හඹාගිය පොලිසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී ඊට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී රියදුරු සහ සහයකයා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

පසුව රිය සහයකයා මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වී ඇති බව රොහල් බලධාරින් පොලීසිය වෙත දන්වා තිබේ.