Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්

2 years ago

පාසල් සිසුවෙකුට පහර දී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් සිදුකර ඇති  අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.

පහරකෑමෙන් සිසුවාගේ එක් කනකට තුවාල සිදුවී රුධිරය වහනය වී ඇති අතර ඔහු මැදිරිගිරිය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. 

තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පතිවරයා පාසල් වේලාව තුළදී තමන්ට පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.