පාසල් ළමුන් ප්රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්රදේශයේදි අනතුරකට ලක්වීමෙන් සිසුන් 14 දෙනෙක් තුවාල ලබා ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
කඩිනමින් තුවාලකරුවන්ව එරත්න රෝහලට ඇතුළත් කිරීමට ප්රදේශවාසීන් පියවර ගෙන ඇති අතර, ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
අද (03) උදෑසන 6ට පමණ මෙම අනතුර සිදු වූ බව ප්රදේශවාසීන් පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බෝටියාගල, විතාරම්පැගුව, ලස්සකන්ද ආදි ප්රදේශවල පාසල් දරුවන් රැගත් වෑන් රථයකි.
