Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතු නිවාස පෙළක ගින්නක්! නිවාස 12ක් අළු වෙයි!

2 years ago

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවටයි පොලිසිය සැක කරන්නේ.

ගින්නෙන් වතු කම්කරුවන්ගේ බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර පැතිර යන ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සායක නිරත වන බවද සඳහන්.