මිද්දෙනියේ දී පසුගියදා (18) වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (03) සවස් කාලයේ දී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
මොහු විසින් සැකකරුවන්ට ටී – 56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
