නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
තමුන් වෙත ආකර්ෂණය දිනාගැනීමේ අරමුණෙන් මෙලෙස නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ බවයි ඔහු කියා ඇත්තේ.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන යන අයුරු වෛද්‍යවරයකු විසින් දැක තිබෙනවා.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබෙන්නේ ඒ අනූවයි.
පසුව ඒ ගැන මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමටයි පොලිස් හදිසි ඇමතුම් ඒකකය පියවර ගෙන තිබුණේ.
නමුත ඒ වනවිට මාවනැල්ල පොලිසියට අදාළ තරුණයා මගහැරී තිබෙන බව පැවසෙනවා.
අනතුරුව ඒ පිළිබඳව කඩුගන්නාව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු කඩුගන්නාව ගලවිදින ලද ස්ථානය පසු කළ අවස්ථාවේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතා තිබෙනවා.
ඒ අවස්ථාවේදීත් සැකකාර පුද්ගලයා නිරුවතින් සිට ඇති බව පැවසෙනවා.
ඉන් පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කමිසයක් හා ටී ෂර්ටයක් රැගෙන සැකකරුට අන්දවා තිබෙනවා.
අනතුරුවයි ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත්තේ.
එහිදී මෙම පුද්ගලයා කඩුගන්නාව පොලිසියට පවසා ඇත්තේ, නිරුවතින් යතුරුපැදියක යන පුද්ගලයෙකුට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි බැලීම සඳහා මේ ගමන පැමිණි බවය.
සැකකරුගේ මව වෛද්‍යවරියක බවත් පියා ව්‍යාපාරිකයෙකු බව වාර්තා වනවා.
අලුයම 04 ට පමණයි නුගේගොඩ පිහිටි නිවසේ සිට සැකකරු සිය යතුරපැදියෙන් පැමිණ ඇත්තේ.
ඒ අනූව එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බව සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
