Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුලියාපිටියේ වෙඩි තැබීමක්

2 years ago

කුලියාපිටිය පොලිස් වසමේ ඊයේ (03) සවස් කාලයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළු වීම හේතුවෙන් ඉහත පුද්ගලයාට එහි මුරකරු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

එම වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ගිනිඅවිය සඳහා 2025 වර්ෂයට බලපත්‍ර නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.