චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්රදේශයේදී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවීමෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) මියගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, උඩුවිල්, චුන්නාකම් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක දරුවෙක්.
මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහ කිරීමේදී බිමට ඇද වැටී තිබෙනවා.
ඔහු එම අවස්ථාවේදී ට්රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
