Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාවෙමින් ආ වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී පිපිරෙයි! තරුණයෙකුට තුවාල!

2 years ago

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ (03) සවස ඇතිවූ මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි තරුණයෙකි

පිපිරීමෙන් තුවාල ලැබූ ඔහුව මුලින් ආරයම්පති රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී, මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.