Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ දේවාලයක කපුවෙකුගේ සුපිරි රථයක් පොලිස් භාරයට

2 years ago

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් විමර්ශකයන් පිරිසක් ඊයේ ගාල්තැන්න දේවාලයට ගොස් එම ජීප් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කණ්ඩායම එහි යන විට ජීප් රථයේ බැටරි ගලවා එය පණ ගැන්විය නොහැකි ආකාරයට පත්කොට තිබූ බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන ආකාරයට එම සැක කටයුතු ජීප් රථය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන විමර්ශනයක් සිදුකර තිබෙනවා.

අනතුරුව අනාවරණය කරගෙන ඇත්තේ එය කූඪ ලේඛන උපයෝගී කරගනිමින් ලියාපදිංචි කොට ඇති ජිප් රථයක් බවයි.

ඒ අනූවයි එම සුඛෝපභෝගී ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ.