Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

CIDයට පැමිණි ඉන්ධන බෙදුම්කරුවන් පැය 5කට පසු පිටව යයි

2 years ago

සිදුකළ කැඳවීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ශාන්ත සිල්වා ඉන් පිටව ගොස් තිබෙනවා .

අවශ්‍ය ප්‍රකාශ ලබා දී පැය 5කට පසුවයි ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය ගොස් ඇත්තේ .

තෙල් බෙදුම්කරුවන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා .

ඒ අනුව අද (04) මොවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසටයි දැනුම් දී තිබුණේ.