ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැගව සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනෙකු මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් 572 දෙනෙකු හා පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් 107 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා කාලය තුළ රට පුරා සිදු කළ මෙහෙයුම්වලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගොස් සිටින සියලු සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පසුගිය පෙබරවාරි 22 වනදා දැනුම්දීමක් සිදු කළා.
මෑතකාලීනව සිදු වූ ඝාතන මෙන්ම ඊට පෙර ද වාර්තා වූ ඝාතන සහ අපරාධ රැසකට ත්‍රිවිද හමුදාවලින් පළා ගිය පුද්ගලයින් සම්බන්ධ බවට පොලිස් වාර්තාවල සඳහන් වී තිබූ පසුබිමකයි මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කෙරුණේ.
