Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උප්පැන්න සහතිකයක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආ පුද්ගලයෙක් වියරු වැටී ප්‍රා.ලේ. කාර්යාලය කුඩු කරයි (වීඩියෝ)

2 years ago

හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපයකට අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

හම්බන්තොට ගොන්නොරුව 5 කණුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිට ඇත.

එයට අදාළ ලේඛණ පුරවා භාරදීමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති අතර නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහු කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු පුටු ඔසවා පොළවේ ගසමින් සහ වීදුරු කඩා බිඳ දමමින් එම කාර්යාලයේ දේපළ රැසකට අලාභ හානි සිදු කර තිබේ.

එම පහරදීමෙන් කාර්යාලයේ උපකරණවලට අලාභ හානි සිදුව තිබේ.

සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.