Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රයට හිමි තැන

2 years ago

එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ශ්‍රී ලංකාව වීසා රහිත ව ගමන් කළ හැකි රටවල් අතරින් දුර්වලතම ගුවන්ගමන් බලපත්‍රය හිමි රටක් බවටයි පත් ව ඇත්තේ.

ශ්‍රී ලංකාව හා සම ස්ථානයේ සුඩානය සහ ඉරානය ද සිටිනවා.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. 

ජපානය, දකුණු කොරියාව හොඳම ගුවන් ගමන් බලපත්‍ර හිමි ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤ සහ ඉතාලිය වැනි රටවල් හොඳම ගුවන් ගමන් බලපත්‍ර ඇති රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේ යි. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසර තුළ ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.