ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 10 දෙනා සම්බන්ධ නඩුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අධිකරණ රෙජිස්ටාවර්රියට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට අවශ්‍යය කටයුතු සූදානම් කරන ලෙස රෙජිස්ටාවර්රිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මහේස්ත්‍රාත්වරිය මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 10 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
කෙසේ වෙතත්, ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන අදාළ ගිනි අවිය අධිකරණය තුළට රහසිගතව රැගෙන ආ බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ.
