Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරියේදී කාන්තාවන්ට ලංගම සහ දුම්රිය සේවයේ රැකියා අවස්ථාවන් රැසක්! රියදුරු රැකියාවත් කාන්තාවන්ට!

2 years ago

ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

අද(7) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කරලා තියනවා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳව ගන්න.. බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.. හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරණය ගත්තා.. ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉතාම කායර්ක්ෂමව වැඩ කරන බස් රථ රියදුරුවරියන්, දුම්රිය රියදුරුවරියන් අපිට තව අවුරුද්දක් යනකොට දකින්න කියලා. ඉතින් සිහිනයක් තියෙනවා වැඩිපුර කාන්තාවන්ට බාරදෙන්න. ඉතින් බලමු අපි ඒ වගේ සිහින එක්ක තමයි ජීවත් වෙන්නේ.”