Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙමටගොඩ රුවන්ගේ මිලියන 70කට අධික වත්කම් ගැන අධිකරණය දුන් නියෝගය

2 years ago

දෙමටගොඩ රුවන්ගේ බිරිඳ හා අනියම් බිරිඳ සතුව තිබියදී මීට වසර හතරකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 7ට අධික වටිනාකමින් යුත් දේපළ නැවත ඔවුන් භාරයට පත් කළ හැකි ද නැද්ද යන්න පිළිබඳ ව නියෝගය ඊළඟ නඩු වාරයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (06) විත්තියේ නීතිඥවරුන්ට දන්වා තිබෙනවා.

තම සේවාද‍ායිකාවන්ට අයිතිව තිබූ දෙමටගොඩ හා බණ්ඩාරගම ප්‍රදේශයේ ඉඩම් දෙකක් මෙන්ම සුඛෝපභෝගි නිවාස දෙකක් ද ඇතුළු දේපල රැසක් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2020 හා 2022 වර්ෂ තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බව වගඋත්රකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබේ.

එම දේපලවලට අදාළව නීතිමය පියවර මෙතෙක් ගෙන නොමැති බැවින් එම දේපල තම සේවාදායිකාවන්ට භාරදීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස එම සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විරෝධය දැක්වීම හේතුවෙන් අධිකරණයෙන් එසේ නියම වුණා.

එම ඉල්ලීමට විරෝධය දැක්වූ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන උද්ධෘතනීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබෙන තෙක් එම දේපළ සැකකාරියන් භාරයට පත් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින්ම දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත සඳහන් නියෝගය නිකුත් කළා.