බුලත්සිංහල, ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළුගං ඉවුරට ගොඩගසා තිබූ මළසිරුර මීට දින කිහිපයකට පෙර ඉංගිරිය, රයිගමවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියකගේ බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 2 වනදා සිට මෙම තරුණිය අතුරුදන්වී සිටි බවට ඇයගේ සහෝදරයා විසින් ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි.
පසුගිය 02 වනදා ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළෙඳසැලෙන් සේවය නිමකර පිටවී ගොස් ඇති අතර ඉන් පසු ඇය අතුරුදන්වී තිබූ බවයි වාර්තා වන්නේ.
ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය සම්බන්ධතා පැවැත්වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයකුගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබුණි.
එහිදී ගුරුවරයා විසින් පවසා ඇත්තේ මියගිය තරුණිය 2 වනදා අවස්ථා 2කදී තමන්ට කතා කළ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ය.
අතුරුදන්වූ තරුණියගේ සිරුර හමුවීමත් සමග සැකකාර ගුරුවරයා ද එදිනම හල්වතුර ප්‍රදේශයේ නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.
අදාළ පුද්ගලයා නිවැසියන් නින්දට ගොස් සිටින අවස්ථාවේ නිවසින් බැහැරව ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය සහ ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
