ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ප්‍රසාදය පළකර තිබෙනවා.
එහි කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ මේ පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බවයි.
2023 මාර්තු මාසයේ දී ආරම්භ වූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිමකර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමු කෙරුණා.
මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කෘතවේදීත්වය පළකර සිටියා.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට සහායවීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්රියාවලියෙහි දී කළමනාකාර අධ්යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා
ආයෝජන ආකර්ෂණය වැඩිකර ගැනීම හා ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කළ බව ඇය පවසනවා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වල වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවේ දී අවදානය යොමුකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය එක්ස් ගිණුමේ සටහන්කර ඇත්තේ.
