Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය ‘ක්ලීන්’ කරන්න ජාතික මෙහෙයුම් කමිටුවක්

2 years ago

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ.

මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීන් 37 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුතු අතර එහි සභාපතිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දරනු ලබයි.

මෙම කමිටුව මාස තුනකට වරක් රැස්වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම මෙම කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ ශක්තිමත් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා ඒකාබද්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ද මෙම කමිටුවේ අරමුණු වේ.