මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.
ඒ අනුව වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කුට්ටිගල පදලංගල ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැණුනා.
එම සැකකරු අවුරුදු 39ක් වන කුට්ටිගල පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනයට අදාළව සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
