වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (08) රාත්රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට තිබෙනවා.
එහිදී අසල්වැසි පුද්ගලයෙකු සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
