Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේග කණ්ඩායමට ඉතිහාසගත ජයක්

2 years ago

අධ්‍යාපන සමූපකාර නිලවරණයේ විශිෂ්ට ජයග්‍රහණය විපක්ෂයට ප්‍රබල පණිවුඩයක් ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අධ්‍යාපන සමූපකාර නිලවරණයෙන් ජාතික ජනබලවේගය සියයට 96.35ක ජයග්‍රහණයක් ලැබීම පිළිබද අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

නිලවරණය පැවති කලාප 100න් 59ක් නිතරගයෙන් ජය ගැනීමට හැකියාව ලැබුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යාපන සමූපකාර ඉතිහාසයේ ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය මෙවර නිලවරණයෙන් ලැබුණු බවත් ඒ අනුව මුළු සභික ධූර 384න් 370ක ජය තමන් සතු කර ගැනීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.