Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම බස්නායක නිළමේවරයාට CIDයෙන් කැඳවීමක්

2 years ago

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුට කර ඇති දැනුම්දීමක් අනුවයි.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව අද (10) පෙරවරු 11.00 ට ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව බවයි වාර්තා වන්නේ.