Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇද ඇතිරිලිවල සඟවා කෝටි 17 හමාරක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග 20 හැවිරිදි විදෙස් තරුණියක් කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

2 years ago

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන්තොටේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.