Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බාලවයස්කාර දැරිවියක් මෙහෙකාර සේවයට යැවූ විත්තිකරුට අධිකරණයෙන් දුන් තීන්දුව

2 years ago

මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද (10) බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබෙනවා .

ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරුණු බවයි සඳහන් වන්නේ .

අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවයි නියෝග කළේ.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම වුණා .

බාල වයස්කාර දරුවන් වහල් වෙ‍ෙළඳාමට නතු කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බරපතළ වරදක් බවත් එය මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශයට පත් කර සිටියා.