Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් වෘත්තිය සමිති ආණ්ඩුවට රතු එළි දල්වයි

2 years ago

තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ඒ, සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් මූලික කරගනිමින්.

තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බව තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ නමුත් ඒ පිළිබඳව කිසිදු සාධනීය පියවරක් ගැනීමට බලධාරීන් අපොහොසත්ව ඇති බවයි.