Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාල්ලේ අනතුරකින් 12ක් රෝහලට

2 years ago

කොළඹ – කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද (10) සවස සිදු වූ අනතුරකින් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබුවන් මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අවුරුදු 12ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහළට ඇතුළත් කර ඇති බව නාල්ල පොලීසිය පැවසීය.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ දෙසට ගමන් ගත් ළංගම බස් රථයක් හා වැලි සෝදන යන්ත්‍රයක් පටවාගෙන ගමන් ගත් විශාල ට්‍රක් රථයකි.

බස් රථය මංචිකඩේ හන්දිය පසුකර ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි රථයේ කෙළවරක් බස් රථයේ ගැටී ඇත.