Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට

2 years ago

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන්ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තේය.