අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක් පත්කර තිබෙන අතර, ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්නා.
ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්තප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන අය අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
