Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියගේ බැංකු ගිණුම් අත්හිටුවූ නියෝගය ගැන තීරණයට දින නියම වෙයි

2 years ago

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් තහනමට ලක්කර තිබෙන තම සේවාදාහකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවත් සඳහන් කළා. 

එබැවින් අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළේය.