Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි

2 years ago

ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතින බවයි.

මෙම වාන් දමන ජලාශ අතරට මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.බී. හේරත් මහතා සඳහන් කළේ දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 93%ක් පමණ මේ වන විට ගබඩා කර ගැනීමටද හැකියාව ලැබී ඇති බවයි.