Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහරදී පුළුස්සා කාන්තාවක් මරා දමලා! පුතා, දුව සහ ලේලිය අත්අඩංගුවට!

2 years ago

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (11) උදෑසන කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බව දඹගල්ල පොලිසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවයි.

ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි මියගිය කාන්තාවගේ පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.