Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැසිකිළියක් තුළදී අල්ලස් ගත් පොලිස් සැරයන් මාට්ටු

2 years ago

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නිදන් නඩුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් සැකකාර සැරයන්වරයා අධිකරණයේ වැසිකිළිය තුළදී රුපියල් විසිදහසක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.