Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෘණ කැපීමට ගොස් අතුරුදහන් වී සිටි එක්දරු පියාගේ සිරුර තේ වත්තක තිබී හමුවෙයි

2 years ago

තෘණ කැපීමට ගොස් අතුරුදහන්ව සිටි එක් දරු පියාගේ සිරුර ඔහු පදිංචිව සිටි නිවසට පහලින් වූ තේ වත්තේ තිබි (11) දින රාත්‍රියේ සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.

මෙසේ තේ වත්තේ තිබි හමුවී ඇත්තේ බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ පදිංචි එක්දරු පියෙකුගේ සිරුරයි.

මරණකරු ගවයන් කිහිපදෙනෙකු ඇති කරන බවත් එම ගවයන්ට තෘණ කැපීම සදහා ඊයේ (11) දින උදෑසන නිවසින් පිටව ගිය තම සැමියා නිවසට නොපැමිණි බව අසල්වාසීන්ට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව අතුරුදහන් වී සිටි පුද්ගලයා සොයා එම වතුයාය පුරා සිදු කල මෙහෙයුමකදී සිරුර සොයා ගැනීමට හැකි වී ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.