ඉඩමක වළදමා තිබූ ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.
ඔහු අද (12) දින අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දී තිබුණා.
හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතාට අයත් අත්තගල්ලේ පිහිටි ඉඩමක වළදමා තිබීයදී ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, උන්ඩ 130 ක් සහ බෝර 12 ගිනි අවියක් හා එම උන්ඩ 6ක් ඊයේ (11) සොයා ගැනුණා.
අත්තනගල්ලේ පිහිටි අක්කර 25ක පොල් ඉඩමක තිබී එම ගිනිඅවි සහ උණ්ඩ සොයා ගෙන තිබෙනවා
