Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස දුම පිට කරන වාහන හොයන්න වැටලීම්

2 years ago

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වායු දූෂණය කරන මෝටර් රථය මහ මඟදී පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩසටහන පොලීසිය සමඟ ඒකාබද්ධව සිදු කරන අතර මෙහිදී මාර්ගයේ ගමන් කරන මෝටර් රථ නවත්වා වායු විමෝචන පරීක්ෂණ සිදු කෙරෙනවා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් සමග ඒකාබද්ධ වෙමින් හයිලෙවල් මාර්ගයේ අද (12) පෙරවරුවේ සිට මෙම දුම් පරීක්ෂණ සිදු කර තිබුණා.

එහිදී, එම දුම් පරීක්ෂණ අසමත් වන රථ වාහන සඳහා දඩ නියම කිරීමක් සිදු නොකළත් එම වාහන නඩත්තු කර නැවත වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශාඛාවට පෙන්වීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, මෙම අවස්ථාවේදී මෝටර්  රථ වල ඇති වෙනත් අඩුපාඩු පිළිබඳවත් රියදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබුණා.