Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු මිලට හඳුන්වාදීමට සැරසෙන මත්පැන් බෝතලයට AIDC වෙතින් විරෝධය

2 years ago

”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්‍රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නව රජය විසින් පත්කරන ලද සුරාබදු කොමසාරිස්වරයා 2024 දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අඩු මිලට මද්‍යසාර බෝතලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි බවයි.

එම යෝජනාව සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ඇතුළු සංවිධාන ගණනාවක් සහ මහජනතාවගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය එල්ල වූ බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

එලෙස දැඩි විරෝධක් තිබියදීම 2025.03.09 දින රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහි නිලධාරීන් විසින් ඉහත යෝජනාව නැවතත් ඉදිරිපත් කරමින් ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය අප්‍රසාදය පළ කරනවා.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ දැක්මට 100% පටහැනි මෙවැනි යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන එන්නේ ජනාධිපතිවරයා ඇතුළු නව රජය අපහසුතාවට පත් කිරීමට දැයි ප්‍රබල සැකයක් ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.