හැටන්, කොටගල ප්‍රදේශයේ කෝවිලක් විසින් සංවිධානය කරන ලද පෙරහැරකට රැගෙන ගිය අලියකු ඊයේ රාත්‍රියේ පහරදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පෙරහැරෙන් පසු අලියාට ආහාරදීමට උත්සාහ කරන අතරතුර අලියා මෙලෙස පහර දී ඇත.
තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටීම නිසා පහර කෑමට ලක්වු පුද්ගලයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී තිබේ.
