2022 සැප්තැම්බර් මාසයේදී සීදූවේදී බෞද්ධ භික්ෂුවකගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සැකකාරිය මුස්ලිම් කාන්තාවකගේ වෙස් ගෙන ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීය.
2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිදු වූ සීදුව වෑත්තෑව නන්දාරාම විහාරයේ විහාරාධිපතිගේ ඝාතනය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම වැඩ වාසය කළ හිමිනමක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
විහාරාධිපති හිමි ඝාතනය ඝාතනය කිරීමෙන් පසුව එම හිමිට අයත් ඩිපෙන්ඩර් රථයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සැකකාර හිමි සොරාගෙන විකුණා එකී මුදල් ඩුබායි රාජ්‍යයේ සිටි සැකකාරියගේ ගිණුමට බැට කර තිබූ අතර සැකකාර හිමිගේ ප්‍රකාශ මත එකී වහන දෙක පොලිසිය මගින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම කාන්තාව මිනුවන්ගොඩ පදිංචිකාරියකි.
ඇයව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
