Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්! දරුවන් ප්‍රවාහනයට ලංගමෙන් තෙල්!

4 years ago

එළඹෙන ජූලි මස 25 වැනි දින දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කරන බව
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව ජූලි මස 19 වන දිනැති නිවේදනය ප්‍රකාරව පලාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ආදි නිලධාරින්ට ලබා දී ඇති උපදෙස් පරිදි පාසල් පරිපාලනය සිදු කළ යුතුයි.

එමෙන්ම පාසල් පැවැත්වෙන්නේ සතියේ දින තුනක් වන අතර, ඒ සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින තුනේදියි.

සෙසු දින දෙකෙහි නිවාසගත අධ්‍යයනයට දරුවන් යොමුකළ යුතු වනවා.

මේ අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.