Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

2 years ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකු ලෙස සිටි පුද්ගලයෙක්.

මෙම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීයි.

මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය ද මෙලෙස 17වනදා දක්වා රිමාන්ඩ්  භාරයට පත්කර සිටිනවා.

සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට නොහැකි වී තිබෙනවා.

දුරකථනය සෙවීමේ විමර්ශන අතරතුරු සැකකරුගේ නිවසේ සිදුකල පරීක්ෂා කිරීමකදී පාත්තරයක් තුළ සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයාගෙ ඇති අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.