Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොහොමඩ් සාලි නලීම් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාරදෙයි

2 years ago

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් සාලි නලීම් එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීමට තීරණය කිරීම හේතුවෙනුයි මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබුණේ.

ඔහු දෙසැම්බර් 3 වැනිදා කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

එමෙන්ම ඔහු මීට පෙර එරාවුර් නගර සභාවේ සභාපතිවරයා ලෙසද සේවය කළා.