ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද (15) අලුයම මෙම ගැටුම හටගෙන ඇති බවයි.
එම ගැටුමේදී සිදු වූ තියුණු ආයුධ පහරදීම් හේතුවෙන් තුවාල ලබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි ඥාති සහෝදරයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
