Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

2 years ago

මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයකයට පෙරලී ඇති බව හැටන් පොලීසිය පැවසීය.

අද(15) දින පස්වරු 4 පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදීය.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුල රියදුරා පමනක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් රියදුරාට තුවාලක් සිදුවී නොමැතිවුවත් අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බව සඳහන්.

මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවට පොලීසිය  සැක කරයි.