Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි මල් කැකුළකගේ නිසල සිරුරක් කැලෑබද ප්‍රදේශයකින් හමුවෙයි

2 years ago

සන්දිවේලි පොලිස් වසමේ දේවපුරම් ක්‍රීඩාංගනය අසළ කැලෑබද ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

සන්දිවේලි පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (15) දිනයේ මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

නමුත් එම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සන්දිවේලි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරති.